Wednesday, October 3, 2012

මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-3


පරණ පෝස්ට්ස් :මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-1
පරණ පෝස්ට්ස් :මෙහෙමයි මං බ්ලොග් එක හැදුවේ-2


ඔන්න ගොඩක් දවසකට පස්සේ අද මං ආව.එදා මං කියලා දුන්නා බ්ලොග් එකක් හදන මුලික  පියවරවල් ටික.අද ඉතුරු ටික.ඔන්න ඔයාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩ design කියලා එකක් ඇති .අන්න ඒක එබුවම අලුත් page එකක් එයි.ඒකෙ වම් පැත්තේ menu එකක layout කියලා එකක් ඇති ඒකත් ඔබන්න කෝ.(මේක හැමෝටම තේරෙන්න කියන හින්ද සමහර අයට නම් සරල වැඩි ඇති.ඒකටත් සොරි වෙන්ඩ ඕනේ..)



දැන් මේ වගේ එකක් ඇවිත් ඇති.දැන් ඉතින් තියන්නේ මේ කොටු ;-) ටික පුරවල බ්ලොග් එක එලිය කරන්ඩ තමයි.
         මුලින්ම favicon කියන එක බලමු.එතන edit කියලා එකක් ඇති.එක ඔබල එතෙන්ට internet එකෙන් image හෝ icon search කරලා කැමති icon එකක් දාගන්ඩ.මම නම් දාල තියන්නේ flag එකක්.
        navbar කියන්නේ බ්ලොග් පිටුවේ උඩින් තියන කළු පාට තීරුවටයි.ඒකත් කැමති නම් කැමති පාටකින් දාන්න.ඕනනම් නොදා ඉන්නත් පුළුවන්.
       header එකට ඔයා බ්ලොග් එකට දාන්න යන name එක දාන්න.discription එකෙත් blog එක ගෙන පොඩි හැදින්වීමක් දාන්න.ඒවගේ තව පොඩි පොඩි setings තියනවා.ඒවටත් try කරන්ඩ.
      ඊලගට ඔයා බ්ලොග් එක ලොකු පරාසයක තියාගන්නවා නම් page වශයෙන් තියාගන්ඩ පුළුවන්.උදාහරණයක් හැටියට ඔය computers ගෙන blog එක කරනවා නම් hardwares,softwares,programming,networking,assmbling වගේ page කීපයක් පාවිච්චි කරන්ඩ පුළුවන්.එතකොට බලන කෙනාට පහසුවක්.එකට page කියන කොටස යොදාගන්න.
     blog post කියන ඒකෙ තමයි ඔයා Post කරන හැම එකක්ම පලවෙන්නේ.ඒකත් කැමති විදියට tik කරලා edit කරන්න.
    ඊලගට add a gadget කියලා එකක් ඇති.ඔන්න ඕකෙන් තමයි visitors.page viewers,followers,counties වගේ ගොඩාක් ඒවා add කරන්නේ. add a gadget එක click කරන්නකෝ.ඊලගට dialog box එකක් එයි.ඒකෙ basic,featured,popular වගේ ඒවගෙන් තමන් කැමති කැමති gadgets add කරගන්ඩ + ලකුණ ඔබල.ඒවා සරලයි.බැරි උනොත් comment එකක් දාන්න.වැඩිදුර විස්තර කරන්නම්.
    තව විශේෂ එකක් කියලා දෙන්නම්.ගොඩක් popular gadgets හොයාගන්ඩ නම් අන්තර්ජාලයේ ඒවා හොයන්ඩ වෙනවා.උදාහරණයක් හැටියට flag counter එක Internet ඒකෙන් තමයි ගන්න වෙන්නෙ.ඒවගේ එකක් ගන්න කොට අපිට ලැබෙන්නේ HTML Code එකක්.මුලින්ම ඒක  copy කරගන්න.ඊලගට add gadget ඔබල ඒකෙ basics ඒකෙ තියන HTML/Javascript කියන ඒකෙ past කරගන්න.එහෙම තමයි html codes ඇතුලත් කරන්නේ බ්ලොග් එකට.ඒක ගොඩක් වටිනවා ලස්සන ලස්සන gadget ඇතුල් කරගන්ඩ.හරි ඉතුරු ටික ඊලග දවසට.පැහැදිලි මදි නම් කියන්නකෝ පැහැදිලි කරන්නම් තවත්....


No comments:

Post a Comment